Posts

Showing posts from September, 2019

කල්ප විභාගය 3

Image
ඉහත පරිච්ඡේද දෙකෙහි අප පළමු ව ආයුෂ් කල්පය ද දෙවනුව දෙවනු ව අනන්තං කල්පය ද පිළිබඳ විස්තර කතා කළෙමු . ඒ අනුව අපට දැන් ඇත්තේ අසංකෙය්‍ය කල්පය කුම ද යන්න විස්තර සහිතව දැන ගැනීම යි. පළමු පරිච්ඡේද දෙකෙහි විස්තර ඇතිව සාකච්ඡා කරන ලද කල්පයන්ට වඩා ඉතා දීර්ඝ කල්පයක් වන අසංඛ්‍ය කල්පය අන්තං කල්ප විස්සක් වෙයි.එනම් මනුෂ්‍ය ආයුෂ දස වර්ෂයේ සිට අසංඛ්‍යය දක්වා දිව ගොස් නැවත දස වසරට පැමිණෙන කාලය වැනි විසි වතාවක් එක එක අසංඛ්‍ය කල්පයක් ලෙස හඳුන්වයි.තවත් පරිද්දෙකින් කිවහොත් අතුරු කල්ප විස්සක් අසංඛ්‍ය කල්පයක් වේ.තවද ඒ අනුව මෙම අසංකෙය්‍ය කල්පයන් හතර ආකාරයකට නම් කර ඇත එයට හේතුවක්ද ඇත. 1 සංවර්ත  අසංකෙය්‍ය කල්පය 2 සංවර්තායි අසංකෙය්‍ය කල්පය 3 විවර්ත අසංකෙය්‍ය කල්පය 4 විවර්තායි අසංකෙය්‍ය කල්පය මෙසේ නම් සතරකින් හැඳින්වූවද කාලය වශයෙන් ගත් කල ගත් කල එක් එක් අසංකෙය්‍ය කල්පය හට අතුරු කල්ප 20 බැගින් ඇ ත්තේය. තවද මේ කල්ප සතරෙන් සත්ත්වයන් හා ජීවීන් ගේ පැවැත්ම රඳා පවතින්නේ සතරවෙකල්පයෙහි වන විවර්තායි කල්පය පමනක් වෙයි. මෙසේ ඊළඟට ඇත්තේ අපට මහා කල්පය යනු කුමක්ද යන්න ඊලග ඊලග පරිච්ඡේදයෙන් විමසා බැලීමටයි.එහිදී මහා කල්ප

විශ්ව ශක්තිය ලිපිය 1

Image
විශ්ව ශක්තිය !!!... විශ්ව ශක්තිය යයි වචනය ඇසූ පමණින් බොහෝ දෙනා ඉතා මවිතයටත් කුතුහලයටත් පත් කරන මාතෘකාවකි. අද වන විට විශ්ව ශක්තිය අර්ථකථනය කිරීමේදී විවිධ පුද්ගලයන් විවිධ ආකාරයේ අර්ථකථනයක් ලබා දෙති. සැබැවින්ම විශ්ව ශක්තිය යනු කුමක්ද යමෙකුගේන් ඇසුවහොත් නිශ්චිත පිළිතුරක් ලබා ගැනීම අසීරු කාරණාවකි. එවිට ඔබ තුළ යම් කුතුහලයක් පැමිණෙයි විශ්ව ශක්තිය යනු කුමන අර්ථයකින් ඇති දෙයක් ද යන්නයි. මා සිතනා පරිදි මෙයට යම් නිර්වචනයක් දීම වෙනුවට මෙම ලිපිය අවසානයේ ඔබට මේ තුළින් විශ්ව ශක්තිය යනු කුමක් දැයි ඔබටම නිර්වචනයක් සාදාගත හැකිය. විශ්ව ශක්තිය යන ශබ්දය ඇසුණු පමණින් ඔබට මතකයට නැගිය හැක්කේ මේ ලෝකයේ හෝ මේ විශ්වයේ හෝ බාහිරින් ඇත්තේ ශක්ති විශේෂයක් යනුවෙනි. නමුත් සැබැවින්ම විශ්ව ශක්තිය ඇත්තේ ඔබ තුළයි. තව ආකාරයකින් කිවහොත් ඔබගේ සිත තුලයි. අපි දැන් මෙම මාතෘකාව යටතේ කරුණු ටිකෙන් ටික දිගහැර විමසා බලමු. මා මුල කී පරිදි තමා තුළ විශ්ව ශක්තිය ඇත්තේ නම් දැන් ඔබ සිතනු ඇති කෝ මාගේ විශ්ව ශක්තිය කොහේ ඇත්ද යන්න ඔබට සැකයක් උපදී. සැබැවින්ම විශ්ව ශක්තිය තමා තුළ ඇත්තේද එය පෙනෙන්නට තිබෙන දෙයක් ද, එනම් එය කොහේ පවතීද යනාදී

අපගේ ලිපි

අපගේ සියලුම ලිපි ඔබ වෙත පහසුවෙන් ලබා ගැනීම සඳහා දැන්ම subscribe කරන්න

ලිපිය 1, අපට කොහේ හෝ වැරදී ඇත

Image
අද ශ්‍රී ලාංකීය සමාජය තුල කාන්තාවක් තම නිවසින් එළියට ගොස් තම වැඩකටයුතු කරගැනීමට යන අතරතුරදී උදාහරණයක් ලෙස බසයේදී කෝ සෙනග ගැවසෙන අන්තැනක හෝ මාළු විකිණීමට සෙනග පොරකද්දී හෝ ඔවුන්ගේ ඇඟ පසඟ අතගා යම්කිසි ආස්වාදයක් ලබා ගැනීමට තරම් අද ශ්‍රී ලාංකීය ජන සමාජය පිරිහී ගොස් අවසන්ය. එයට කැමැත්ත දක්වන හෝ කැමැත්ත නොදක්වන ගැහැණුන් ද ඒ අතර වෙති. කෙසේ නමුත් මෙය ශිෂ්ට සම්පන්න වූ සමාජ ක්‍රමය නොවෙයි.මොනයම්ම හෝ ආකාරයකින් මිනිසුන් එදිනෙදා ජීවිතය තුළ සතුටක් සැනසුමක් කෝ තවත් වචනයකින් කිවහොත් යම්කිසි ආස්වාදයක් ලැබීම මනුෂ්‍යයෙකු වශයෙන් මෙලොවට ආ සෑම පුද්ගලයෙකුගේම මූලික ඉලක්කය වේ. මේ කියන්නාවූ ආස්වාද භුක්තිය පදනම් කරගෙන සියලු තරාතිරමේ මිනිසුන් සියලු ආකාරයේ ක්‍රියාකාරකම් වල නිරත වෙති. ඒ සඳහා ඔවුන්ට එක් එක් ආකාරයේ පාපතර වූ ක්‍රියාකාරකම් වලට එළැඹ සිටීමට සිදුවෙයි. බටහිර රටවල් දෙස බලන කල ලාංකීය ජන සමාජය තුළ අපි මහ ඉහළින් කතා කරන සංස්කෘතික ආගමික පරිසරයක් බිහි වී තිබුණ ද බටහිර රටවල් වල එසේ නො තිබුණ ද ඔවුන් තුළ මීට වඩා ගුණ ගරුක සමාජයක් පෙනෙන්නට ඇත. උදේ පාන්දර එළිවුණ වෙලේ පටන් රාත්‍රී නින්දට යන තෙක් බුදුබණ අසන්නට ලැබෙන

හැඳුනුම

Image
මානව සංහාරය තුල ඉතා ශීඝ්‍රයෙන් බිඳ වැටෙන මනුස්ස ගුණදම් නගාසිටුවීමට හෝ යම්කිසි චින්තාමය වෙනසක් ඇතිවේ යයි බලාපොරොත්තුවෙන් මේ ලිපි පෙළ,පෙළ ගැසීමට බලාපොරොත්තු වෙමු. මෙහි අන්තර්ගතය සෑම විටම දාර්ශනික මතවාද වලින් පිරී යනු ඇත. ඒ හරහා සමාජ මතවාද තුළ කිඳා බැස ගොස් ඇති යම් පුද්ගලයන්ගේ මතවාද වලට පහරක් ගැසුන ද යමක් සිතා බැලීමට ද එය වටී. තවදුරටත් මේ ලිපි මාලාව වර්තමාන මනුෂ්‍ය ප්‍රජාවගේ එදිනෙදා පවතින ප්‍රායෝගික ගැටළු පිළිබඳව ඉතා ගැඹුරෙන් හරවත්ව ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වෙමි. ඒ සඳහා ඔබගේ සහය ද නොඅඩුව ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලමි. නවතම ලිපි සඳහා අපව subscribe කරන්න.