කල්ප විභාගය 3

Image
ඉහත පරිච්ඡේද දෙකෙහි අප පළමු ව ආයුෂ් කල්පය ද දෙවනුව දෙවනු ව අනන්තං කල්පය ද පිළිබඳ විස්තර කතා කළෙමු . ඒ අනුව අපට දැන් ඇත්තේ අසංකෙය්‍ය කල්පය කුම ද යන්න විස්තර සහිතව දැන ගැනීම යි. පළමු පරිච්ඡේද දෙකෙහි විස්තර ඇතිව සාකච්ඡා කරන ලද කල්පයන්ට වඩා ඉතා දීර්ඝ කල්පයක් වන අසංඛ්‍ය කල්පය අන්තං කල්ප විස්සක් වෙයි.එනම් මනුෂ්‍ය ආයුෂ දස වර්ෂයේ සිට අසංඛ්‍යය දක්වා දිව ගොස් නැවත දස වසරට පැමිණෙන කාලය වැනි විසි වතාවක් එක එක අසංඛ්‍ය කල්පයක් ලෙස හඳුන්වයි.තවත් පරිද්දෙකින් කිවහොත් අතුරු කල්ප විස්සක් අසංඛ්‍ය කල්පයක් වේ.තවද ඒ අනුව මෙම අසංකෙය්‍ය කල්පයන් හතර ආකාරයකට නම් කර ඇත එයට හේතුවක්ද ඇත. 1 සංවර්ත  අසංකෙය්‍ය කල්පය 2 සංවර්තායි අසංකෙය්‍ය කල්පය 3 විවර්ත අසංකෙය්‍ය කල්පය 4 විවර්තායි අසංකෙය්‍ය කල්පය මෙසේ නම් සතරකින් හැඳින්වූවද කාලය වශයෙන් ගත් කල ගත් කල එක් එක් අසංකෙය්‍ය කල්පය හට අතුරු කල්ප 20 බැගින් ඇ ත්තේය. තවද මේ කල්ප සතරෙන් සත්ත්වයන් හා ජීවීන් ගේ පැවැත්ම රඳා පවතින්නේ සතරවෙකල්පයෙහි වන විවර්තායි කල්පය පමනක් වෙයි. මෙසේ ඊළඟට ඇත්තේ අපට මහා කල්පය යනු කුමක්ද යන්න ඊලග ඊලග පරිච්ඡේදයෙන් විමසා බැලීමටයි.එහිදී මහා කල්ප

ලිපිය 1, අපට කොහේ හෝ වැරදී ඇත

අද ශ්‍රී ලාංකීය සමාජය තුල කාන්තාවක් තම නිවසින් එළියට ගොස් තම වැඩකටයුතු කරගැනීමට යන අතරතුරදී උදාහරණයක් ලෙස බසයේදී කෝ සෙනග ගැවසෙන අන්තැනක හෝ මාළු විකිණීමට සෙනග පොරකද්දී හෝ ඔවුන්ගේ ඇඟ පසඟ අතගා යම්කිසි ආස්වාදයක් ලබා ගැනීමට තරම් අද ශ්‍රී ලාංකීය ජන සමාජය පිරිහී ගොස් අවසන්ය.

එයට කැමැත්ත දක්වන හෝ කැමැත්ත නොදක්වන ගැහැණුන් ද ඒ අතර වෙති. කෙසේ නමුත් මෙය ශිෂ්ට සම්පන්න වූ සමාජ ක්‍රමය නොවෙයි.මොනයම්ම හෝ ආකාරයකින් මිනිසුන් එදිනෙදා ජීවිතය තුළ සතුටක් සැනසුමක් කෝ තවත් වචනයකින් කිවහොත් යම්කිසි ආස්වාදයක් ලැබීම මනුෂ්‍යයෙකු වශයෙන් මෙලොවට ආ සෑම පුද්ගලයෙකුගේම මූලික ඉලක්කය වේ. මේ කියන්නාවූ ආස්වාද භුක්තිය පදනම් කරගෙන සියලු තරාතිරමේ මිනිසුන් සියලු ආකාරයේ ක්‍රියාකාරකම් වල නිරත වෙති. ඒ සඳහා ඔවුන්ට එක් එක් ආකාරයේ පාපතර වූ ක්‍රියාකාරකම් වලට එළැඹ සිටීමට සිදුවෙයි.

බටහිර රටවල් දෙස බලන කල ලාංකීය ජන සමාජය තුළ අපි මහ ඉහළින් කතා කරන සංස්කෘතික ආගමික පරිසරයක් බිහි වී තිබුණ ද බටහිර රටවල් වල එසේ නො තිබුණ ද ඔවුන් තුළ මීට වඩා ගුණ ගරුක සමාජයක් පෙනෙන්නට ඇත. උදේ පාන්දර එළිවුණ වෙලේ පටන් රාත්‍රී නින්දට යන තෙක් බුදුබණ අසන්නට ලැබෙන රටක් වෙන නැත. එවන් රටක මෙවන් සාමාජික පරිසරයක් දක්නට ලැබීම අප කාගේත් අවාසනාවක් ලෙස මා සලකමි.

අනෙක් අතට මා දක්නා කරුණක් නම් අද වන විට සමාජ මාධ්‍ය ජාලා හා රූපවාහිනි ප්‍රවෘත්ති ඔස්සේ සෑම විටම අසන්නට දක්නට ලැබෙන්නේ හොරකම වංචාව දූෂණය මිනී මැරීම් ආදී දේවල් ය. කලාතුරකින් පමණක් රටේ යම්කිසි සංවර්ධන කටයුත්තක් හෝ සමාජ සේවයක් අසන්නට ලැබේ. මේ තුළිනුත් මිනිසාගේ මනසට දිගින් දිගටම නරක දේ පිළිබඳව අසන්නට දකින්නට ලැබීමෙන් මෙම පාපතර ක්‍රියාවන්ගෙන් මනස තුළ සම්මත වී ඇති බවද පෙනේ. එය මිනිස් මානසික තත්ත්වය අනුව යමක් දිගින් දිගටම පැවැසීමෙන් කිරීමෙන් එය මනස තුළ නිරන්තරයෙන් ක්‍රියා කිරීමට පටන් ගනී. එය මනසේ ඇති සාමාන්‍ය ස්වභාවයකි.බටහිර රටවල් වල මෙසේ නරක විවසන සිද්ධීන් නොවෙනවා නොවේ නමුත් ඔවුන් මේවා ප්‍රසිද්ධ කිරීමෙන් ජන සම්මත කිරීමට පුරුදු නොවෙති.

උදාහරණයක් ලෙස මම සේවයේ නිරත කටාර් රාජ්‍යය තුළ එය මුස්ලිම් රටක් වුවද ඔවුන්ගේ එදිනෙදා පත්තර වල දක්නට ලැබෙනුයේ ම සංවර්ධන ක්‍රියාවන් හා මිනිසුන්ගේ එදිනෙදා පැවැත්ම යහපත් කිරීමට අදාළ තොරතුරු ම පමණි.

මා ඉහත සඳහන් කළ උදාහරණ දෙක ඉතා ස්වල්ප වශයෙන් පෙනෙන්නට තිබෙන කාරණා ය.ඊට අමතරව අප රටේ දරුවන් දූෂණය පොඩි කළ මහන බවට පත්වෙන සාමනේර ස්වාමීන් වහන්සේලා ගේ අපයෝජන මත්ද්‍රව්‍ය ආදී නොයෙකුත් ව්‍යවසනයන්ට අප තරුණ පරම්පරාව බොහෝ විට මුහුණ පා ඇත.

මා ඉහත සඳහන් කල පැය 24 පුරා බණ ඇසෙන රටක මෙවන් දේ සිදු විය හැකිද යන්න ප්‍රහේලිකාවකි. මා මෙම ලිපිය තුළින් බලාපොරොත්තු වන්නේ අප සත්‍ය වශයෙන්ම ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වූ දහමක් ද නැත්තං වෙනයම් වූ දහමක් සරණ යමින් සිටින්නේ දැයි සැක සංකාවක් ඇත. සත්‍යය වූ බුදු දහම දැනට පවත්වාගෙන යන මේ දහම නොවන බව මා හට හැඟී තිබේ. එයට හේතු වශයෙන් නම් ඉතා කෙටි කාලයක් තුළ දරුණු ගණයේ වූ අංගුලිමාල, අම්බපාලී නම් ගණිකාව,ආලවක යක්ෂ ආදී දරුණු අය වුවද කෙටි බණ පදයකින් හරි වැරැද්ද වටහා ගැනීමට හැකියාව තිබුණි. මෙය කියවන ඔබගේ ඊලග තර්කය නම් ඔවුන් කෙටි දහමකින් සත්‍ය අවබෝධ කර හැකි ප්‍රඥාවන්තයෝ යන්නයි. මා එයට එකඟ නොවෙමි එනම් අද වන විට ජීවත්වන, මෙය කියවන ඔබද මාද සියලුම මිනිසුන් මෝඩයෝය.පැය 24 තුළම බණ අසා අපගේ ජීවිත සකසා ගැනීමට නොහැකි නම් එය සත්‍ය වූ බුදුබණ විය නොහැකිය. අපට කොහේ හෝ වැරදී ඇතැයි මට හැඟේ. කාහට හෝ මෙම ලිපිය පදනම්කරගෙන ඔබගේ අදහස් දක්වන්නයි යෝජනා කරමි.

නවතම ලිපි ලබා ගැනීම සඳහා Subscribe කරන්න.

Comments

Popular posts from this blog

විශ්ව ශක්තිය ලිපිය 1

කල්ප විභාගය 1