කල්ප විභාගය 1
කල්ප විභාගය යනු කාලය විස්තර කිරීම සඳහා භාවිතා කරනු ලැබූවකි .මෙහි විස්තරයක් කිරීමේ පහසුව සඳහා මෙය කොටස් හතරකින් දක්වා තිබේ. තව ද කල්ප විභාගය පිළිබඳව බොහෝ විස්තර දක්වා ඇත්තේ ලෝකයේ පහළ වන්නා වූ බුදුවරු ගේ විස්තර ද ඇතිවයි...
අප අසා ඇති පරිදි සියලු බුදුවරුන් පෙරුම් පිරීම කරන්නේ කල්ප ගණන් වලිනි.එම නිසා මෙම කල්ප විභාගය ගැන සියලු විස්තර බුදුවරු ආශ්රයෙන් විමසීමට ලක් වී තිබේ.සාමාන්‍ය වර්තමාන මිනිසුන් ඉතා සීමිත කාලයක් ජීවත් වී මිය පරලොව යයි.එහෙත් ලොව්තුරා බුදුවරු මේ ලෝකයට පහළ වූ පසු අනන්ත අපරිමාන අතීතයක් ගෙන හැර දක්වමින් කල්ප විභාගය ගැන තතු හෙළි කරයි .
1:- ආයුෂ් කල්පය
2:- අනන්තං කල්පය
3:- අසංකෙය්‍ය කල්පය
4:- මහා කල්පය
යනුවෙනි .
කාලය කොටස් හතරක් වශයෙන් දක්වා ඇත්තේ පැහැදිලි කරගැනීම පිණිසත් මුල් කොටස පැහැදිලි කිරීමකින් තොරව අග කොටස් පැහැදිලි කිරීම කිරීමට ද නො හැකි ය .අප එකෙන් එක මෙම කොටස් හතර එකෙන් එකට විග්රහ කර බලමු.මුලින් කී පරිදි සියලු බුදුවරුන් පෙරුම් පිරීම සිදු කරනුයේ මහා කල්ප වලිනි.මහා කල්පය කුමක් ද යන්න වටහා ගැනීමට ආයුෂ් කල්පය ද අනන්තං ආකල්පය ද අසංකෙය්‍ය කල්පය ද දැනගත යුතු ය.
1:- ආයුෂ් කල්පය
එනම් ආයුෂ් කල්පය නම් එක් බුදුවරුන් වහන්සේලාගේ ඒ ඒ කාල වල දී උ වහන්සේලාට ඇති ආයුෂ ප්‍රමාණයයි.ඒ අනුව අනෙකුත් මනුෂ්‍යය වර්ගයා හට ද ඒ හා සමාන ආයුෂ ප්‍රමාණයක් උපරිම වශයෙන් ජීවත් විය හැකි ය .උදාහරණයක් ලෙස අප අසා ඇති පරිදි ගෞතම බුදු රජාණන් වහන්සේගේ කාලයේ දී ආයුෂ ප්‍රමාණය එකසිය විස්සක් ලෙස දක්වා ඇත .එසේ බලන කල ආයුෂ් කල්පය නම් ඒ ඒ කාලවලදී ඒ කාලවලදී පහලවන බුදුවරුන්ගේ ආයුෂ ප්‍රමාණය අනුව වෙනස් වේ .ත්‍රිපිටකයේ සඳහන් වන පරිදි ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර විසූ කාශ්‍යප බුදු බුදුරජාණන් වහන්සේගේ ආයු කාලය අවුරුදු දහ දාහක් ලෙස ද ලෙස ද ඊට පෙර සිටි කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ කාලය විසිදාහක් ලෙස ද ලෙස ද ඊට පෙර සිටි කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලය අවුරුදු ති දාහක් ලෙසද සඳහන් වේ.ඒ ඒ බුදුවරුන්ගේ ආයුෂ කාලය නිර්ණය වනුයේ එක් එක් බෝසතාණන් වහන්සේලා පෙරුම් පිරීමට තීරණය කර ගන්නා වු අධිෂ්ඨානය මත යි.ඒ අනුව ලොව්තුරා බුදුවරු ද ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙයි.
1 - වීර්යාධික බුදුවරු
2 - ශ්‍රද්ධාධික බුදුවරු
3 - ප්‍රඥාධික බුදුවරු
මේ බුදුවරු කොට්ඨාස තුනේ පිළිවෙලින් වීර්යාධික බුදුවරුන් වැඩි කාලයක් ද ශ්‍රද්ධාධික බුදුවරු ඊට අඩු කාලයක් ද ප්‍රඥාධික බුදුවරුන් අඩුම කාලයකින් ද පෙරුම් පිරීම සම්පූර්ණ කොට බුද්ධත්වය සම්පූර්ණ කරනු ලබයි.
ඒ අනුව වීර්යාධික බුදුවරයෙක් 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයකුත් , ශ්‍රද්ධාධික බුදුවරයෙක් 8 අසංඛ්‍ය කල්ප ලක්ෂයකුත් , ප්‍රඥාධික බුදුවරයෙක් සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයකුත් පෙරුම් පිරීම සිදු කෙරෙයි.අප ගෞතම බුදු රජාණන් වහන්සේ අඩුම කාලෙකින් යකින් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් වූ ප්‍රඥාදික වූ බුදුවරයන් වහන්සේ යි.
ඒ අනුව පෙරුම් පිරීමේ කාලය ඉතා අඩු හෙයින් පරමායුෂ ඉතා අඩු පරම ආයුෂ කාලයක් තුළ උන්වහන්සේගේ උන්වහන්සේගේ උත්පත්තිය සිදු වෙයි.තවද ධර්මතාවයන් වශයෙන් ආයුෂ සියයකට අඩුවක් ලක්ෂයකට වැඩියෙන් වත් බුදුවරු ලෝකයේ පහළ නොවේ.එසේ බලන කල පරමා පරමායුෂ අවුරුදු 120 එකසිය විස්සක් පිරෙන්නා වූ සමයේ අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වූ සේක.එසේම මිනිස් ආයුශ ආයුෂ අ ද අවුරුදු සියයකට එකක් වශයෙන් අඩුවීම ද වැඩිවීම ද වැඩි වීම ද සිදුවේ.එසේ බලන කල අවුරුදු දෙදහස් හයසියයකට පෙර අවුරුදු එකසිය විස්සක උපරිම ආයුෂ ඇත්නම් සියයකට එකක් වශයෙන් අඩු වන විට දැනට අවුරුදු විසි හයක 26ක පිරිහීමක් වර්තමාන ආයුෂ ප්‍රමාණය සීමා වී ඇත.කෙටියෙන් ගත් කල එනම් ආයුෂ් කල්පය නම් ඒ ඒ බුදුවරුන් වහන්සේලා වැඩ වාසය කරන කාලයේ පවතින්නාවූ පරමායුෂ ප්‍රමාණයයි.ඒ අනුව ආයුෂ් කල්පය ඉහත කී පරිදි බුදුවරුන් වහන්සේලා ගේපෙරුම් පිරීමේ කාලය අනුව තීරණය වන්නකි.තවද උදාහරණයක් වශයෙන් මීට පෙර සිටි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ ආයුෂ් කල්පය දහදාහකි.ගෞතම බුදු රජාණන් වහන්සේගේ කාලය ආයුෂ් කල්පය 120කි.තව ආකාරයකින් කිවහොත් එය අවුරුදු ලක්ෂයක් ලක්ෂයක් සීයක් අතර දෝලනය වන ආයුෂ ප්රමාණයකි.
කල්ප විභාගය ඉතුරු කොටස් තුන ලබන ලිපි පෙළ තුලින් විග්රහ කිරීමට බලාපොරොත්තු වෙමු .
Comments
Post a Comment