කල්ප විභාගය 3

ඉහත පරිච්ඡේද දෙකෙහි අප පළමු ව ආයුෂ් කල්පය ද දෙවනුව දෙවනු ව අනන්තං කල්පය ද පිළිබඳ විස්තර කතා කළෙමු . ඒ අනුව අපට දැන් ඇත්තේ අසංකෙය්‍ය කල්පය කුම ද යන්න විස්තර සහිතව දැන ගැනීම යි. පළමු පරිච්ඡේද දෙකෙහි විස්තර ඇතිව සාකච්ඡා කරන ලද කල්පයන්ට වඩා ඉතා දීර්ඝ කල්පයක් වන අසංඛ්‍ය කල්පය අන්තං කල්ප විස්සක් වෙයි.එනම් මනුෂ්‍ය ආයුෂ දස වර්ෂයේ සිට අසංඛ්‍යය දක්වා දිව ගොස් නැවත දස වසරට පැමිණෙන කාලය වැනි විසි වතාවක් එක එක අසංඛ්‍ය කල්පයක් ලෙස හඳුන්වයි.තවත් පරිද්දෙකින් කිවහොත් අතුරු කල්ප විස්සක් අසංඛ්‍ය කල්පයක් වේ.තවද ඒ අනුව මෙම අසංකෙය්‍ය කල්පයන් හතර ආකාරයකට නම් කර ඇත එයට හේතුවක්ද ඇත. 1 සංවර්ත අසංකෙය්‍ය කල්පය 2 සංවර්තායි අසංකෙය්‍ය කල්පය 3 විවර්ත අසංකෙය්‍ය කල්පය 4 විවර්තායි අසංකෙය්‍ය කල්පය මෙසේ නම් සතරකින් හැඳින්වූවද කාලය වශයෙන් ගත් කල ගත් කල එක් එක් අසංකෙය්‍ය කල්පය හට අතුරු කල්ප 20 බැගින් ඇ ත්තේය. තවද මේ කල්ප සතරෙන් සත්ත්වයන් හා ජීවීන් ගේ පැවැත්ම රඳා පවතින්නේ සතරවෙකල්පයෙහි වන විවර්තායි කල්පය පමනක් වෙයි. මෙසේ ඊළඟට ඇත්තේ අපට මහා කල්පය යනු කුමක්ද යන්න ඊලග ඊලග පරිච්ඡේදයෙන් විමසා බැලීමටයි.එහිදී මහා කල්ප
Comments
Post a comment